ජාතික රෝහලේ හෘද ඒකකය මකුණන්ගෙන් පිරීයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 23, 2017

ජාතික රෝහලේ හෘද ඒකකය මකුණන්ගෙන් පිරීයයි

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ ශීඝ්‍රයෙන් පැතිර යන මකුණු වසංගතයක් හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇතත් බලධාරීන්ට තවමත් ඊට විසඳුමක් ගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.

මකුණු වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය ප්‍රතිකර්ම යෙදීමට නම් රෝගීන් දින කිහිපයක් ඒකකයෙන් ඉවත් කළ යුතු අතර රෝගීන් ඉවත්කර ගත නොහැකි වීමේ ප්‍රායෝගික අපහසුකම් නිසා මේ වනතුරුත් ගැටලුවට විසඳුම් ගැනීමට නොහැකි වී ඇත. මකුණු වසංගතය නිසා පසුගිය වසරේත් ජාතික රෝහලේ ඒකක කිහිපයක් වසා දැමීමට සිදුවිය. 

No comments:

Post a Comment

Post Bottom Ad