ප‍්‍රවේගකාරී පිතිකරු සනත්ගේ වාර්තාව සුනිල් නාරායන් බිද දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 22, 2017

ප‍්‍රවේගකාරී පිතිකරු සනත්ගේ වාර්තාව සුනිල් නාරායන් බිද දමයි

2017 අයි.පී.එල් තරගාවලියේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ගුජරාටි ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වුන තරගයේ අයි.පී.එල් තරග වර්තාවක් අලුත් කිරීමට කල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුපිරි කොදෙව් දග පන්දු යවන ක‍්‍රීඩක සුනිල් නාරායන් සමත් වුනා.

ඒ කඩුලු අතර දිවීමකින් තොරව හතරේ පහරවල් හා හයේ පහරවල් වලින් ලබාගත් වැඩිම ලකුණු ප‍්‍රමාණය ලබාගැනීමෙන්. මෙහිදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි සුනිල් නාරයන් පන්දු 17කදී ලකුණු 42ක් ලබා ගත්තේ හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් සමගින්.

මීට පෙර මෙම වාර්තාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සුපිරි ප‍්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරියට හිමිව තිබු අතර ඔහු 2008 අයිපීඑල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් හයේ පහර 02ක් සහ හතරේ පහර 06 සහිතව ලකුණු 36 ලබා ගත්තා.

No comments:

Post a Comment

Post Bottom Ad