මාලිංග ගැන මුම්බායි ඉන්දියන්ස් පිළ අසීරු තීරණයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 22, 2017

මාලිංග ගැන මුම්බායි ඉන්දියන්ස් පිළ අසීරු තීරණයක

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම් අද මුම්බායි හිදී තරඟ වදිනවා.

අද තරඟයට ලසිත් මාලිංග යෙදවීම පිළිබදව අවිනිශ්චිතභාවයක් හටගෙන ඇත්තේ පසුගිය අයි.පී.එල්. තරඟයේදී ඔහු ප්‍රතිවාදී පිළට විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාදීම හේතුවෙන්.

කෙසේ නමුත්, මාලිංග අද තරඟයට යෙදවිය යුතු ද යන්න පිළිබදව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පැවැත්වූ මත සමීක්ෂණයකදී බහුතරයක් අදහස් පළ කර ඇත්තේ මාලිංගගේ පළපුරුද්ද මුම්බායි කණ්ඩායමට ශක්තියක් වනු ඇති බවටයි. මුම්බායි සමග තරග වදින දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ද ඇතුළත්.

කෙසේ නමුත්, පසුගිය තරඟ දෙකේ දී ඔහු දස්කම් දැක්වීමට සමත් වූයේ නැහැ. මුම්බායි ඉන්දියන්ස් පිළ මෙවර අයි.පී.එල්. තරගාවලියේ මෙතෙක් පැවැති තරඟ හයෙන් 5ක්ම ජයගෙන ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින අතර, තරඟ 5කින් දෙකක් ජය ගත් දිල්ලි පිළට හිමිව ඇත්තේ 4 වන ස්ථානයයි.

No comments:

Post a Comment

Post Bottom Ad