ජෝන් නිසා එජාප කටාන ආසන සංවිධායිකා රෝස් ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 19, 2017

ජෝන් නිසා එජාප කටාන ආසන සංවිධායිකා රෝස් ඉල්ලා අස්වෙයි

එජාප කටාන ආසන සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු මෙනවිය  ඇය විසින් දරනු ලබන සියලු පක්ෂ තනතුරු වලින් ඉල්ලා අස්වු බවට සඳහන් ලිපියක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ මූලස්ථානය වෙත ලිඛිතව දන්වා  යවා ඇතැයි අද(19) කටාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති  විශේෂ පුවත්පත් සාකච්ජාවක දී පැවසුවාය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන් හට  කුලී රථ සේවා පහසුකම් සැපයීමේ කවුළුවක් අධිකරණ නියෝගයක් මත නිත්‍යනුකූල ටෙන්ඩරයක් මගින් ලබාදී තිබියදි එයට පරිභාහිරව  සංවාරක බලපත්‍රය නිකුත් කිරිම සදහා ක්‍රිස්තියානි කටයුතු  හා සංචාරක  අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන ආධාරකරුවන් හට ද කුලි වාහන ධාවන බලපත් දෙන කටුනායක ගුවන්තොටුපළ පාළන අධිකාරිය වෙත  බලපෑම් කිරීමත් සමග බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු මෙනවිය  අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අතර මතබේදාත්මක හා ගැටුම් කාරි තත්වයක් මතුවන සිදුවීමක් බවට  මෙම ගැටලුව වර්ධනය වී තිබිණි.

පසුගිය දින ඇමතිවරයාගේ මෙම යහපාලන විරෝධි ක්‍රියාව නිසා තමන් මෙසේ ඉල්ලා අස්විමට තින්දු කළ බවත් ජනනාධිපතිතුමා සහ අගමැති තුමා මේ සිදුවන යහපාලන විරෝධි ක්‍රියාවට වහා මැදිහත්විම සාධාරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තමන් ඉල්ලා සිටින බවත් තම දේශපාලන භූමිකාවේදි කිවෙකුට ණය වී හෝ බයවී නොමැති බවද ඇය කීවාය.

No comments:

Post a Comment

Post Bottom Ad