මැයි දිනෙන් පසු සන්ධානයේ ලොකු වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 30, 2017

මැයි දිනෙන් පසු සන්ධානයේ ලොකු වෙනසක්

මැයි දිනෙන් පසු සන්ධානයේ ලොකු වෙනසක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ සංඛ්‍යාව ඉහළ නැංවීමට එම පක්ෂය තීරණය කොට තිබේ. 

දැනට ලියාපදිංචිය ඉල්ලා ඇති දේශපාලන පක්ෂවල සහාය ලබාගනිමින් එම සාමාජිකත්වය පුළුල් කිරීමට සන්ධානය අදහස් කොට සිටින බව එහි මහලේකම් මහින්ද අමරවීර මහතා පසුගිය අඟහරුවාදා (25) කුඩා දේශපාලන පක්ෂ සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී දැනුම් දී තිබේ.

එමෙන්ම එජනිසයේ තනතුරු රැසක්ද එම පක්ෂවල නියෝජිතයන්ට ලබාදීමටද එම එජනිස කටයුතු කරමින් සිටියි. මැයි දින සැමරුම් උත්සවයෙන් පසුව එම කටයුතු සිදුවන බවද වාර්තා වේ.
.

No comments:

Post a Comment

Post Bottom Ad