ඉතියෝපියාවේ කුණු කන්ද කඩා වැටී දින තුනක ජාතික ශෝක කාලයක්.. මෙරට එකම උත්සවයක් හෝ කල් දමා නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

ඉතියෝපියාවේ කුණු කන්ද කඩා වැටී දින තුනක ජාතික ශෝක කාලයක්.. මෙරට එකම උත්සවයක් හෝ කල් දමා නෑ..

මෑත ඉතිහාසයේ කුණු කන්දක් කඩා වැටීමෙන් ජනතාව මියගිය රට බවට අප්‍රිකානු මහද්වීපයේ පිහිටි ලෝකයේ දුප්පත්ම රටක් වන ඉතියෝපියාවේ බවට පත් විය. එම ඛේදවාචකය මෙම වසරේ මාර්තු මාසයේදී ඉතියෝපියාවේ අගනුවර වන අඩිසබාබ් නගරයේදී සිදු විය.

මෙම ඛේදවාචකය නිසා 100 ක් පමණ කුණු කන්ද අවට අනවසරයෙන් පදිංචිව සිටි ජනතාව මියගිය අතර කුඩා දරුවන් කාන්තාවෝ ද ඒ අතර වූහ. මෙම සිදුවීම වූ විගස එරට අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා එහි වගකීම තම රජය භාරගන්නා බව ප්‍රකාශ කල අතර මියගිය ජනතාව වෙනුවෙන් ඉතියෝපියාවේ දින 3 ක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කල බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කොට ඇත.

එහෙත් ලෝකයේ කුණු කන්දක් කඩා වැටීමෙන් ජනතාව මියගිය තවත් රටක් ලෙස මේ වනවිට ශ්‍රීලංකාවේ වාර්තා කොට ඇත. මේ සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙතෙක් අතුරුදහන් වූ සංඛ්‍යාව නිශ්චිතව හදුනා ගැනීමට නොහැකි වී ඇත. කොළඹ මහ රෝහලේ විපතට පත් පිරිසක් දැනටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

මෙතරම් විපතක් සිදු වෙලත් තවම රටේ නායකත්වය අවම වශයෙන් කොළඹ මහා රෝහල වෙත ගිය දර්ශනයක් හෝ මාධ්‍ය මගින් දකින්නට නැත. රටේ අගමැතිවරයා පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව වියට්නාමයේ සංචාරයක නිරත වී ඇති බැව් රූපවාහිනි මගින් දැකගත හැකිය. අගමැතිවරයා ජපානයේ සිටින අවස්ථාවක මෙම ඛේදවාචකය සිදුවුවත් කලින් සැලසුම් කල පරිදි ඔහු ජපානයෙන් වියට්නාමය බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් මහනුවර අලුත් අවුරුදු උත්සව චාරිත්‍ර සිදු කිරීමටත් ඊට පසු යාපනයේ නාගදීපය සහ නල්ලුර් කෝවිල වැද පුදාගැනිමට ගිය බැව් මාධ්‍ය මගින් දිස්විය. ලෝකයේ කුණු කන්දක් කඩා වැටීමෙන් ජනතාව මිය යෑම නිසා ඉතියෝපියාවේ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශ කලත් අපේ රටේ එක දිනයක් හෝ ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට උවමනාවක් තිබුණේ නැත. අවම වශයෙන් අලුත් අවුරුදු උත්සවයවත් හෝ කල් දැම්මේ නැත.

වොෂින්ටන් පෝස්ට් පුවත මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad