මිතොටමුල්ලේ නාය ගිය කුණු කන්දට මහින්දත් හසු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 20, 2017

මිතොටමුල්ලේ නාය ගිය කුණු කන්දට මහින්දත් හසු වෙයි

මීතොටමුල් කසළ කන්දේ ගැටළුවට වගකිව යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසනවා.

අද (20) පෙරවරුවේ මල්වතු මහ නාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ තිලංග සුමතිපාල මහතා මෙම අදහස් පළ කර ඇත්තේ. මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්  නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අදහස් පළ කර තිබෙනවා.

මේ අතර මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් අවතැන් වූ ජනතාව අතර සිටින පාසැල් ළමුන්ට අවශ්‍ය පොත්පත් හා උපකරණ ලබාදීම සඳහාද රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වනවා. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇති බවයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය  සඳහන් කළේ.

අවතැන්වූවන් අතර සිටින ළමුන් සංඛ්‍යාව සහ ඉන් පාසැල් යන වයසේ පසුවන ළමුන් පිළිබඳ තොරතුරු ලබාගැනීම, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ලබන 26 වනදායින් ආරම්භ වන දෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතුවලට බාධාවකින් තොරව සහභාගී වීම  සඳහා විපතට පත් ළමුන්ට අවශ්‍ය පාසැල් පොත්පත් හා උපකරණ ලබාදීම කඩිනමින් සිදුකරන බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කණ්නංගර මහතා සඳහන් කළේ.

මේ අතර මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිතව හඳුනාගෙන ඇති අවදානම් කලාපයේ සිටින ජනතාව ඉවත් කිරීමේ කටයුතු අද (20) ආරම්භ කර ඇති බව වාර්තා වනවා. අවධානම් කලාප ලෙස ලකුණු කර ඇති ප්‍රදේශවලින් ජනතාවට ඉවත් වන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපි ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad