නඩුවකට බිය වී ඇමති විජයමුණි වරද පිළිගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 23, 2017

නඩුවකට බිය වී ඇමති විජයමුණි වරද පිළිගනියි

අම්පාර ප්‍රදේශයේ ඇළ මාර්ග පස් යොදා අවහිර කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සිදුකළ වරදක් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පිළිගනු ලැබුවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ අම්පාර - වාරිමාර්ග අධ්‍යක්ෂක කාර්යාලයේ පැවති ගොවි හමුවකදීයි. ගොවීන්ගේ ඉල්ලීම් නොතකා වාරිමාර්ග නිලධාරීන් පසුගිය 20 වැනිදා සේනායක සමුද්‍රයේ ජලය යල කන්නය සඳහා නිකුත් කිරීමට විරෝධය පල කරමින් පසුගිය දා 18 ජනපදය ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.


ප්‍රදේශයේ ඇතැම් ඇළ මාර්ග ඔස්සේ ජලය ගමන් කිරීම අවහිර කරමින් පස් යොදා තිබූ අතර, ගොවීන් චෝදනා කළේ මෙලෙස ඇළ මාර්ග අවහිර කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වන බවටයි. ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් සදානන්ද පුන්‍ය භූමි විහාරයේ විහාරාධිපති පූජ්‍ය නාමල්ඔය ආනන්ද හිමියන් අදහස් දක්වා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad