ඛණිජ තෙල් සේවක වර්ජනය ගැන විශේෂ සාකච්ඡාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 22, 2017

ඛණිජ තෙල් සේවක වර්ජනය ගැන විශේෂ සාකච්ඡාවක්

ඛණිජ තෙල් සේවක වර්ජනය ගැන විශේෂ සාකච්ඡාවක්
ඉන්දීය තෙල් සමාගමට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ලබාදීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිතය.

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ අදාළ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට අමාත්‍යවරයා එකඟතාව පළ කළ බවයි.

කෙසේ වෙතත් පෙරේදා(20) දිනයේ එවැනි සාකච්ඡාවක් ලබාදීමට නොහැකි බව දන්වා අමාත්‍යවරයා ලිපියක් යොමු කිරීම හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදු වන බව රාජකරුණා මහතා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad