නුවර රැළියට නොඑන මන්ත්‍රීන් ශ්‍රීලනිපයෙන් දොට්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 30, 2017

නුවර රැළියට නොඑන මන්ත්‍රීන් ශ්‍රීලනිපයෙන් දොට්ට

නුවර රැළියට නොඑන මන්ත්‍රීන් ශ්‍රීලනිපයෙන් දොට්ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පවත්වන මැයි දින රැලිය සඳහා සහභාගි නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පක්ෂය හැරගියා සේ සලකන බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පැවැත්වූ ඉහළ පෙළේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ගාලුමුවදොර පිටියට සහභාගි වන්නැයි සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් කරන ලද ඉල්ලීම ඉතාමත් බරපතල ප්‍රකාශයක් බව ද එම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මැයි දිනෙන් පසු ඉක්මන් දිනයකදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට එම පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයින් විසින් ගැටඹේ පැවැත්වෙන මැයි රැළියට සහභාගි නොවන පිරිස පක්ෂය හැර ගියා සේ සලකන ලෙස  යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවැසේ.

No comments:

Post a Comment

Post Bottom Ad