කොළඹ මැයි පෙළපාළි 7ක් - ශ්‍රීලනිපය නුවර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 30, 2017

කොළඹ මැයි පෙළපාළි 7ක් - ශ්‍රීලනිපය නුවර

කොළඹ මැයි පෙළපාළි 7ක් - ශ්‍රීලනිපය නුවර
ලෝක කම්කරු දිනය නිමිතිකොට කොළඹ නගරයේත්, පිට පළාත්වලත් මැයි පෙළපාළි හා රැලි ගණනාවක් සංවිධානය කර තිබෙන අතර එහිදී කොළඹ නගරයේදී පමණක් ප්‍රධාන පෙළේ මැයි රැලි හා පෙළපාළි 07 ක් පැවැත්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි දිනය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන අතර එහි තේමාව වැඩකරන ජනතාවගේ ජය තහවුරු කරන සමගි මැයි රැලිය නමින් පැවැත්වෙයි. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය දිනන ජනතාවගේ මැයි රැලිය මැයෙන්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වේ.

ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදි පැවැත්වේ.ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය කොළඹ බි.ආර්.සී.  පිටියේදී  පක්ෂයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. එහි තේමාව ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය ජාතික සමගිය ගොඩ නැගීම වෙනුවෙන් ජන බලය ගොඩ නගන රතු මැයි රැලිය” යනුවෙනි.


ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැයි රැළිය පැවත්වෙන්නේ කොළඹ විහාරමහ දේවි එළිමහන් රංග පීඨයේදී පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් ඩියු ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැලිය පිටකොටුව පෞද්ගලික බස් රථ නැවතුම්‍පළ ඉදිරිපිටදි පැවැත්වෙන අතර එහි තේමාව අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙළට එරෙහිව වැඩ කරන ජනතාවනි නැගිටිව් යනුවෙනි.

ලංකා සමසමාජ පක්ෂය, නව සමසමාජ පක්ෂය, ජාතික වෘත්තීය සමිති පෙරමුණ, නිදහසේ වේදිකාව. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කේන්ද්‍රය යන පක්ෂ සහ සංවිධාන එක්ව, මැයි දිනය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad