දෙහිවල සතුන්වත්ත විකිණීමේ සූදානමක්? කාර්යාලය මහරගමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 18, 2017

දෙහිවල සතුන්වත්ත විකිණීමේ සූදානමක්? කාර්යාලය මහරගමට

දෙහිවල සතුන්වත්ත විකිණීමේ සූදානමක්? කාර්යාලය මහරගමට

දෙහිවල සත්ත්වෝද්‍යාන පරිශ්‍රයේ තිබෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු පරිපාලන කාර්යාලයට මාසික කුලිය රුපියල් ලක්ෂ 15කට වැඩි මුදලක් ගෙවා මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලකට ගෙන යෑමට සැරසෙන බව උද්‍යාන වෘත්තීය සංගම් චෝදනා කරයි.

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පරිපාලන කාර්යාලයට මේ වන විට වසර අසූවකට වැඩි කාලයක් දෙහිවල සත්ත්වෝද්‍යාන පරිශ්‍රයේ තිබූ බවත් පරිපාලන කාර්යාලය උද්‍යානයෙන් බැහැරට ගෙන යෑමෙන් කලක් ආසියාවේ හොඳම සත්ත්වෝද්‍යානය ලෙස නම් දරා තිබූ දෙහිවල සත්ත්වෝද්‍යානය තවදුරටත් පිරිහීමට ලක්වනු ඇති බවත් වෘත්තීය සංගම් පෙන්වා දෙති.

පරිපාලන කාර්යාලය උද්‍යාන පරිශ්‍රයෙන් ඉවත් කිරීම දෙහිවල සත්ත්වෝද්‍යානය පෞද්ගලික අංශයට විකුණා දැමීමේ ක්‍රියාවලියේ එක් පියවරක් බවද ඔවුහු සඳහන් කරති.

පරිපාලන කාර්යාලය උද්‍යානය තුළ තිබීමෙන් එහි කළමනාකරණය පහසු වන බවද එය පෞද්ගලික ගොඩනැඟිල්ලකට ගෙන ගොස් ඒ සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් මාසිකව වියදම් කිරීම අපරාධයක් බවද උද්‍යාන වෘත්තීය සංගම් වැඩිදුරටත් පවසයි.

දෙහිවල, පින්නවල, වාගොල්ල, ගෝනපොල, රිදයගම ආදී පරිශ්‍රයන් ලෙස සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පුළුල් වීමේදී ප්‍රධාන පරිපාලන කාර්යාලය වෙනම ස්ථානයක තිබිය යුතු බවත් කාර්යාලය සඳහා පහසුකම් සපිරි ගොඩනැඟිල්ලක් මහරගම ප්‍රදේශයෙන් රුපියල් හාරලක්ෂ හැට දහසක මාසික කුලියකට ලබා ගැනීමට කටයුතු කරගෙන යන බවත් ඉඩමක් මිලදී ගෙන කාර්යාලය සඳහා අලුතින් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට බලාපොරොත්තුවක් ඇති බවත් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවැසුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad