ඇමති කබීර් ගිය මෝටර්රථය ත්‍රිරෝද රථයක ගැටෙයි - දෙදෙනෙක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 18, 2017

ඇමති කබීර් ගිය මෝටර්රථය ත්‍රිරෝද රථයක ගැටෙයි - දෙදෙනෙක් රෝහලේ

ඇමති කබීර් ගිය මෝටර්රථය ත්‍රිරෝද රථයක ගැටෙයි - දෙදෙනෙක් රෝහලේ

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා ගමන් ගත් මෝටර් රථය ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ දෙදෙනෙක් මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මහනුවර රන්දෙණිගල රජමාවතේ මාළිගාතැන්න ප්‍රදේශයේදි පෙරේදා (16) සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ මහනුවර උඩුවෙල පදිංචි ප්‍රදීප් කුමාර(24) හා අයි.ජී. සිරිවර්ධන (55) නමැති දෙදෙනෙකි.

අමාත්‍ය කබීර් හෂීම් මහතා ගමන් ගත් මෝටර් රථය රන්දෙණිගල මාර්ගයේ මාළිගැතැන්න ප්‍රදේශයේදි මාර්ගයේ දකුණට හැරවීම සඳහා නවතා ගෙන සිටි ත්‍රි රෝද රථයක වැදිමෙන් මෙම අනතුර සිදුවී ඇත. මෝටර් රථයේ රියදුරු වන ප්‍රියන්ත හෙටිටිආරච්චි අත් අඩංගුවට ගෙන මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කොට තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad