සුනඛයින් අයාලේ යැව්වොත් වැඩ වරදී! අලුත් දඩ මුදල හා දඩුවම මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 22, 2017

සුනඛයින් අයාලේ යැව්වොත් වැඩ වරදී! අලුත් දඩ මුදල හා දඩුවම මෙන්න

සුනඛයින් අයාලේ යැව්වොත් වැඩ වරදී! අලුත් දඩ මුදල හා දඩුවම මෙන්න

1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අයාලේ යන සුනඛයින් හේතුවෙන් පොදු මහජනතාවට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, 1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත තුළ මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම සඳහා ප්‍රමාණවත් නෛතික විධිවිධාන නොමැති බව සඳහන්ය.

සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ජලභීතිකා ආඥාපනත පරිච්ඡින්න කර මෙම සියලු ප්‍රශ්න ආමන්ත්‍රණය කළ හැකි නව පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇතත් එම කාර්යය මෙතෙක් අවසන් වී නොමැත. 

ඒ අනුව අයාලේ යන සුනඛයින් පිළිබඳ ප්‍රශ්නය වහාම නිරාකරණය කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, සුනඛයින් අයාලේ යෑමට ඉඩ හරින ඔවුන්ගේ හිමිකරුවන් වෙත අධිකරණය මඟින් නියම කළහැකි දඩ මුදල රුපියල් 25,000ක් දක්වා වැඩි කරමින් හා ලබා දිය හැකි සිර දඬුවම වසර 02 දක්වා ඉහළ නංවමින් සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad