දිනේෂ්ට සතියක් පාර්ලිමේන්තුව තහනම් - යෝජනාව සම්මතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 8, 2017

දිනේෂ්ට සතියක් පාර්ලිමේන්තුව තහනම් - යෝජනාව සම්මතයි

දිනේෂ්ට සතියක් පාර්ලිමේන්තුව තහනම් - යෝජනාව සම්මතයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාවක් වැඩි ඡන්ද 63කින් අද(08) සම්මත විය. 

සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය. අනතුරුව අමාත්‍ය සරත් අමුණුගම කියාසිටියේ ඡන්ද විමසීම නම් වශයෙන් සිදු  කල යුතු බවයි. 

ඒ අනුව ඡන්ද විමසීම නම් වශයෙන් සිදු කෙරුනු අතර යෝජනාවට පක්ෂව ඡන්ද 85ක් හිමිවු අතර විපක්ෂව ඡන්ද සංඛ්‍යාව 22ක් හිමිවිය. 

මන්ත්‍රීවරුන් 114 ක් ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී නොසිටි අතර මන්ත්‍රීවරුන් 3 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 

දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට අද සභාවේ කටයුතුවලට බාධා කිරීම හමුවේ ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථානායකවරයා වේත්‍රධාරීවරයාට නියෝග කළේය. 

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් නොවූ අතර අනතුරුව ඔහු ඉවත් කරන ලෙසට කථානායකවරයා යළිත් වේත්‍රධාරීවරයාට නියෝග කළේය. 

පසුව කරු ජයසූරිය මහතා විසින් සභාව විනාඩි කිහිපයකට කල් තබනු ලැබීය.

යළිත් සභාව රැස්වීමෙන් අනතුරුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් කල යුතු බවට යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය.

මෙම ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී ද මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සභා ගර්භයේ රැඳී සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad