'ත්‍රිපෝෂ' සමාගමින් 'සුපෝෂ' - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 5, 2017

'ත්‍රිපෝෂ' සමාගමින් 'සුපෝෂ'

'ත්‍රිපෝෂ' සමාගමින් 'සුපෝෂ'

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ “සුපෝෂ“ නව නිෂ්පාදනය වෙළඳපොළට හඳුන්වාදීමේ උත්සවය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදනය කරන ලද ත්‍රිපෝෂවල අතිරිත්තය මෙලෙස සුපෝෂ ලෙස  වෙළඳපොළට හඳුන්වාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

නව නිෂ්පාදනාගාරය ඉදිකිරීමෙන් අනතුරුව ත්‍රිපෝෂ සමාගමේ මෙට්‍රික් ටොන් 900ක අතිරිත්ත නිෂ්පාදනයක් මේ වන විට පවතින බව සඳහන්ය.

එම අතිරික්තය මෙලෙස සුෂෝෂ ලෙස විවෘත වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

මෙම නව නිෂ්පාදනය තුළින් ත්‍රිපෝෂ සමාගමට අතිරිත්ත මුදලක් ලැබෙන අතර එමඟින් සමාගම තවදුරටත් සංවර්ධනය කිරීමේ හැකියාව උදාවන බව එම අවස්ථාවට එක්වෙමින්  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad