ආප්පයක් නිසා රටටම කෙළ වුණා … කෙළ වෙන බවත් මම දැන සිටියා … - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 26, 2017

ආප්පයක් නිසා රටටම කෙළ වුණා … කෙළ වෙන බවත් මම දැන සිටියා …

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල , අනුමත කල නොහැකි බවත් ඊට එරෙහිව සියළු දෙනා පෙළ ගැසිය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ පවසනවා .ඊයේ (25) හබරාදුව පැවති ජන රැලියට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ,
“අරලියගහ මන්දිරයේ ආප්ප කෑවොත් කෙළවෙනවා .ඒ කාලා ගිහින් ඇති කරපු වෙනස කොහොමද ?අද ජීවන වියදම වැඩි වෙලා . අපි මේ රට හාල් වලින් ස්වංපෝෂිත කරලා තිබුණේ. මේ ආණ්ඩුව අක්කර හාරලක්ෂයක් අඩු කරලා , හාරලක්ෂයක් පුරන් කෙරෙන්න ඇරලා , බලහත්කාරයෙන් ගත්ත පලවෙනි මෝඩ තීන්දුව නිසා තමා අද අපිට පිටරටින් නැව් එනකම් බලා ගෙන ඉන්න වෙලා තියෙනවා කන්න .මෙයාලා ඇති කල එකම වෙනස ඒක .අද අපිට පිටරටට වැදගෙන ඉන්න වෙලා තියෙනවා .කවුද හිතුවේ අවුරුද්දට බඩු මිල වැඩි වෙයි කියලා .හැම පැත්තකින්ම බඩු මිල වැඩි වුණා .

පිං පඩියට ගහපු මේ ආණ්ඩුවෙන් මොණවාද බලාපොරොත්තු වෙන්න පුළුවන් .අද මේ අය නිතීය නමනවා . FCID,CID සහ හිර ගෙය කියන ආයතන විතරයි මෙයාලට ඕන .එයා හදන්නේ සේරම අය හිරේ දාලා රටම පාලනය කරන්න .ඔය දෙන්නම එකයි .මම කවදාවත් කිව්වාද මොකක් හරි ප්‍රශ්නයකදී මම දන්නේ නෑ කියලා . මම කිව්වාද මම මේක දැක්කේ පත්තරෙන් කියලා .දෙවියනේ මේ විධායක ජනාධිපති කෙනෙක් කියන කතාද ?


හැබැයි මම එක පාරක් කිව්වා විධායක ජනාධිපති කෙනෙකුයි ,විධායක අගමැති කෙනෙකුයි ඉන්නවා නම් එදාට රටට කෙළවෙනවා කියලා .එක්කෝ එයා කරන්න ඕන .නැත්තම් මෙයා කරන්න ඕන . දෙන්නාම කොරන්නේ නෑ .ඒක කර ගන්න බැරි වුණාම කියනවා , මහින්ද රනිල් එක්ක ඩීල් දාලලු .බැසිල් රනිල් එක්ක ඩීල් දාලලු . දැන් ඩීල් දාන්නේ කවුද කියලා දන්නවා අපි .අපිට ඇගිල්ල දික් කරන්න එපා.

අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ . එහෙම තියනවා නම් ඡන්දයක් තියන්නඑපායේ .පළාත් සභා බැරි නම් ප්‍රාදේශිය සභා හරි තියන්න ඕනනේ . එක පැත්තකින් නව ව්‍යවස්ථාවක් ගේන්න හදනවා .කවුද මේ අයට ව්‍යවස්ථාවක් ගේන්න ජන වරමක් දුන්නේ ?මේ අයට ඕන මේ රට කෑලි කෑලි වලට කඩලා ,විකුණන්න .ඒකට ඉඩ දෙන්න බෑ . ඒකට එරෙහිව අපි සියළුම දෙනා පෙළ ගැහෙන්න ඕන .

No comments:

Post a Comment

Post Bottom Ad