වසරේ හොඳම වැඩසටහන සම්මානය කළින් සිටි නාළිකාව දිනන කොට අරා පැස්බරා සතුටු වුන හෑටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

වසරේ හොඳම වැඩසටහන සම්මානය කළින් සිටි නාළිකාව දිනන කොට අරා පැස්බරා සතුටු වුන හෑටි

2017 ස්ලිම් නීල්සන් සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙල ඊයේ බත්තරමුල්ල වෝටස් ඒජ් හිදී මේ මොහොත වන විට පැවැත්වෙනවා.

මෙම සම්මාන උලෙලේ හොදම ගුවන් විදුලි වැඩසටහන් සන්නාමය ලෙස හිරු FM නාලිකාවේ විකාශය වූ අරා – පැස්බරා වැඩසටහන තේරී පත් විය.

අරා – පැස්බරා වැඩසටහනේ ආරභක නිවේදකයින් යුවළ පසුගිය සමයේ හිරු නාලිකාවෙන් ඉවත් වී සියත FM සමඟ සම්බන්ධ වූ බව සියලු දෙනා දන්නා කරුණක්!

හිරු නාලිකාවේ නිලධාරීන් විසින් වැඩසටහනට අදාළ සම්මානය ලබා ගන්නා අවස්ථාවේදී අරා සහ පැස්බරා නොහොත් අරවින්ද ලොකුගේ සහ දිස්නා මුණසිංහ නැගී සිට අත් පුඩි ගසමින් ඔවුන්ට සිය සතුට පළ කිරීම විශේෂ සිදුවීමක් විය.

මේ වන විට නවක නිවේදක යුවලක් යොදාගනිමින් හිරු FM ඔස්සේ විකාශය වන අරා පැස්බරා වැඩසටහන ක්‍රමක්‍රමයෙන් වැඩසටහන් ශ්‍රේණිගත කිරීම් වල පහළට කඩා වැටෙමින් ඇති අතර අරවින්ද ලොකුගේ සහ දිස්නා මුණසිංහ සහභාගී වෙමින් සියත FM නාලිකාවේ විකාශය වන වැඩසටහන ක්‍රමයෙන් ශ්‍රේණිගත කිරීම් වල ඉහළට පැමිණෙමින් තිබේ.

ඒ අනුව තමන්ට හිමි සම්මානය මේ වසරේදී හිරු මාධ්‍ය ආයතනය දිනා ලබා ගත්තද ලබන වසරේදී අරවින්දට සහ දිස්නා මුණසිංහට එය වේදිකාවට පැමිණ ලබා ගැනීමට හැකිවනු ඇති බව මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහො දෙනෙකු මත පළ කරති.

No comments:

Post a Comment

Post Bottom Ad