හකීම්ට එරෙහිව නැඟෙනහිරින් සටනක් - මුස්ලිම් සියලු බලවේග එක් පෙරමුණකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 12, 2017

හකීම්ට එරෙහිව නැඟෙනහිරින් සටනක් - මුස්ලිම් සියලු බලවේග එක් පෙරමුණකට

හකීම්ට එරෙහිව නැඟෙනහිරින් සටනක් - මුස්ලිම් සියලු බලවේග එක් පෙරමුණකට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාට එරෙහිව නැඟෙනහිර පළාතේ හකීම් විරෝධී මුස්ලිම් පෙරමුණක් පිහිටුවීමට සංවිධානය වෙමින් ඇතැයි වාර්තා වේ.

මේ පෙරමුණේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ මුස්ලිම් කොංග්‍රසයේ හිටපු සභාපතිවරයකු වූ බෂීර් සේගු ඩාවුඩ් මහතායි.

මුස්ලිම් කොංග්‍රසයෙන් කැඩී ගිය සියලු බලවේග මේ පෙරමුණට එකතු කර ගැනීමට සාකච්ඡා වෙමින් පවතින අතර මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් පදවියෙන් ඉවත් කළ හසන් අලි, එම කොංග්‍රසයෙන් ඉවත්ව වෙනම දේශපාලන පක්ෂයක් ගොඩනඟා ගෙන තිබෙන රිෂාඩ් බදුර්දීන්, ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු නැඟෙනහිර පළාතේ මුස්ලිම් සංවිධාන රාශියක් නව පෙරමුණට සම්බන්ධ කර ගැනීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වෙයි.

මේ අතර මුස්ලිම් කොංග්‍රසයේ මූලස්ථානය වන දරුසලාම් හි සිදුවන අක්‍රමිකතා ගැනත් හකීම් මහතාගේ ඇතැම් ක්‍රියාකාරකම් ගැනත් පොතක් මුද්‍රණය කර එය මුස්ලිම් ජනතාව අතර මේ දිනවල බෙදා හරින බව දැනගන්නට ඇත.

ළඟදීම කාලය අවසන් වීමට නියමිත නැඟෙනහිර පළාත් සභාව සඳහා මුස්ලිම් පෙරමුණෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කොට තරග කිරීමට එම පෙරමුණේ නැඟෙනහිර පළාත් මුල්ම දේශපාලන සටන බව එම පෙරමුණ පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad