පොලිස් නිලධාරින්ගෙන් කප්පම් ගත් පොලිස් ලොක්කාට වැඩවරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 29, 2017

පොලිස් නිලධාරින්ගෙන් කප්පම් ගත් පොලිස් ලොක්කාට වැඩවරදී

පොලිස් නිලධාරින්ගෙන් කප්පම් ගත් පොලිස් ලොක්කාට වැඩවරදී

තම නිල නිවස අළුත්වැඩියා කිරීමට පොලිස් නිලධාරීන්ගෙන් කප්පම් ගැනීම් ඇතුළු දූෂණ චෝදනා රැසකට සම්බන්ධ බව කියන උතුරේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ගැන පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් කිරීමට පොලිස් විශේෂ විමර්ශන කණ්ඩායමක් උතුරට ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 

මීට අමතරව උතුරේ ප්‍රධානම පොලිස් කොට්ඨාසයක් බාර පොලිස් නිලධාරියකුද මෙම නිලධාරියාගේ දූෂිත ක්‍රියාවලට වක්‍රාකාරයෙන් සම්බන්ධ වී ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නිලධාරියා බාරයේ ඇති පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් ප්‍රමුඛ පොලිස්  නිලධාරීන්ගෙන් හා ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් වාර්තා වෙයි.

 

-ලංකාදීප-

No comments:

Post a Comment

Post Bottom Ad