කොළඹ අවට පැය 15ක් ජලසැපයුම අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 29, 2017

කොළඹ අවට පැය 15ක් ජලසැපයුම අත්හිටුවයි

කොළඹ අවට පැය 15ක් ජලසැපයුම අත්හිටුවයි

අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද (29) උදෑසන 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේය. 

කොළඹ දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව සහ රත්මලාන යන ප්‍රදේශ වලට ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad