අර්ජුන්ගේ අරක්කු කම්හලට මත්තල ගබඩාවෙන් වී දීලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 28, 2017

අර්ජුන්ගේ අරක්කු කම්හලට මත්තල ගබඩාවෙන් වී දීලා

අර්ජුන්ගේ අරක්කු කම්හලට මත්තල ගබඩාවෙන් වී දීලා

මෙන්ඩිස් සමාගමට අනුබද්ධව අර්ජුන් ඇලෝසියස් විසින් ආරම්භ කිරීමට යනවා යැයි සැලකෙන කල්කුඩා හි මත්පැන් නිෂ්පාදනාගාරයට මත්තල වී ගබඩාවෙන් වී මෙටි්‍රක් ටොන් 4,000ක් ලබාදී ඇති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක ජවිපෙ වයඹ පළාත් සභා මන්ත්‍රි නාමල් කරුණාරත්න මහතා චෝදනා කරයි.

වී කිලෝවක් රුපියල් 28ක මුදලකට එලෙස ලබාදී ඇති බවද ලංකාවේ වැඩිම වී අස්වැන්නක් ලැබිය හැකි නැගෙනහිර අම්පාර දිස්ත්‍රික්කයත්, දෙවනුව ඇති පොළොන්නරුව දිස්ත්‍රික්කයත් මධ්‍යගතව මෙම මත්පැන් නිෂ්පාදනාගාරය ඉදිකරන ලද්දේ වී භාවිත කරමින් වඩා පහසුවෙන් එම මද්‍යසාර නිෂ්පාදනයට ඉඩකඩ ගනිමින් බවට සැකයක් මතුව ඇති බවත් මන්ත්‍රිවරයා පෙන්වාදුන්නේය.

අදාළ නිෂ්පාදනාගාරයට කැබිනට් මණ්ඩලය අවසරදී නොමැති බවද ඇමැති මලික් සමරවික්‍රම හෝ ආයෝජන මණ්ඩලයවත් නැඟෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිවරයාවත් මේ පිළිබඳ දැනුවත්භාවයකින් තොර බවද ඔහු සඳහන් කළේය.

මහ බැංකු විගණන වාර්තාවෙනුත්, කෝප් කමිටු වාර්තාව මඟින් මෙන්ම ජනාධිපති කොමිසම මඟින්ද මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සියලු තොරතුරු හෙළිව තිබියදී මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අර්ජුන් පවුලට ශක්තියක් ලැබුණේ කෙසේදැයි යන්න ඔහු ප්‍රශ්න කරයි.

රුපියල් 28 කට වී කිලෝවක් එම ව්‍යාපාරවලට ලබා දුන් පසු පාරිභෝගිකයාගේ සහල්වලට සිදුවන්නේ කුමක්ද යන්න ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad