විමල් ගැන ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීමට මහ නායක හිමියෝ බෑ කියති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 28, 2017

විමල් ගැන ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීමට මහ නායක හිමියෝ බෑ කියති

විමල් ගැන ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීමට මහ නායක හිමියෝ බෑ කියති

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට තම උපවාසය අත්හරින්නැයි බල කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සැකැසූ ලියවිල්ලකට අත්සන් කරන මෙන් කළ ඉල්ලීමක් දිවයිනේ ප්‍රධාන පෙළේ හිමිපාණන් වහන්සේ නමක විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.  

උන්වහන්සේ වැඩවසන නුගේගොඩ පිහිටි විහාරස්ථානයට ඊයේ (27) ගොස් මෙම ඉල්ලීම කර ඇත්තේ විමල් වීරවංශ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් පිරිසකි. එහිදි ඉතාම කාරුණිකව උන්වහන්සේ මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග සදහන් කරයි.

එම ලියවිල්ලට අනෙකුත් මහානායක හිමිවරුන් අත්සන් කළහොත් තමන් වහන්සේටද ඒ ගැන සලකා බැලිය හැකි යැයි උන්වහන්සේ එම නියෝජිතයන් පිරිසට පවසා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad