දෙමළ ප්රගතිශීලී සන්ධානය ලියාපදිංචි කිරීමට අදාල ලියකියවිලි ඊයේ (28) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී තිබේ.
එම සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, අමාත්‍ය පලනි දිගම්බරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.
2015 වසරේදී පිහිටුවාගත් මෙම සන්ධානය ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, ජාතික කම්කරු පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණ යන පක්ෂවලින් සමන්විතය.
අදාල ලියකියවිලි බාරදීමෙන් අනතුරුව සන්ධානයේ නියෝජිතයන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද හමු වූ බව වාර්තා වේ.
No comments:
Post a Comment