ඉන්දියාවේදී මියගිය 'තෙල්බාලා' නමැති පාතාල නායකයාගේ මලසිරුර දිවයිනට එවා ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවට පළාගොස් සිටි 'තෙල්බාලා' හෙවත් කරුපයියා වාප්පු බාලන් නමැති පාතාලයට සම්බන්ධ බව කියන පුද්ගලයාගේ මළ සිරුර මේවන විට කටුනායක ගුවන්තොටුපළට එවා ඇති බව අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසී ය.
චෙන්නායි සිට මෙරටට පැමිණි යානයකින් ඔහුගේ සිරුර ඊයේ (28) රාත්‍රී 10.15ට පමණ කටුනායකට එවා ඇති අතර ඔහුගේ මරණයට හේතුව අවයව බද්ධ කිරීමකදී ඇතිවූ සංකූලතාවයක් බව ඉන්දීය වෛද්‍යවරු පවසා ඇතැයි වාර්තා වේ.
මියගිය ‘තෙල්බාලා‘ හට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවී තිබිණි.
No comments:
Post a Comment