සටන පාවා දුන්නා - මට 'හූ' කිව්වේ ජවිපෙ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 4, 2017

සටන පාවා දුන්නා - මට 'හූ' කිව්වේ ජවිපෙ

සටන පාවා දුන්නා - මට 'හූ' කිව්වේ ජවිපෙ

සයිටම් අරගලය තමන්ගේ යටතට පත්කර ගැනීමේ අදහසින් ජනතා විමුක්‌ති පෙරමුණ යටිකූට්‌ටු වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා පවසයි.

ඒකාබද්ධ විපක්‍ෂය සහ තමා එම සටන මෙහෙයවද්දී ජනතා විමුක්‌ති පෙරමුණ කුඩා කණ්‌ඩායම් යොදවා ‘හූ‘ කී බව ද සඳහන් කළ වාසුදේව නානායක්‌කාර මහතා ජනතා විමුක්‌ති පෙරමුණ පිළිබඳව දන්නා ඉතිහාසයේ පටන් ඔවුන් කළේ පාවාදීම් බව ද පැවැසීය.

ජාතික පුවත්පතකට අදහස් පළ කරමින් ඒ මහතා මෙසේද ප්‍රකාශ කර තිබේ.

“සයිටම් සටන සඳහා අපි ක්‍රියාකරද්දී ජනතා විමුක්‌ති පෙරමුණ අපේ ගමනට හරස්‌ කරනවා. ඔවුන් ක්‍රියාකරන්නේ 'සයිටම්' විරෝධී සටන ඔවුන්ගේ එකක්‌ බවට සනාථ කර ගැනීමටයි. අපි දන්නවා එයාලා භීෂණ කාලේ මොනවද කළේ කියලා. අර විජය කුමාරතුංග මහතා ඝාතනය කළා. දේශපාලන පක්‍ෂවල නායකයෝ ඝාතනය කළා. අභිංසක මිනිස්‌සු ඝාතනය කළා. මොනවද ඒගොල්ලෝ නොකළේ. අද ඒවා ඔක්‌කොම අමතක කරලා දැන් අපේ ගමනත් හරස්‌ කරනවා. සයිටම් සටන දුර්වල කිරීමට ක්‍රියා කරනවා.“

No comments:

Post a Comment

Post Bottom Ad