රිෂාඩ් විල්පත්තුවේ ගස් ලක්ෂයක් සිටුවයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 27, 2017

රිෂාඩ් විල්පත්තුවේ ගස් ලක්ෂයක් සිටුවයි (PHOTOS)

රිෂාඩ් විල්පත්තුවේ ගස් ලක්ෂයක් සිටුවයි (PHOTOS)

විල්පත්තුව අවට ගම්මානයන්හි විනාශ වූ ගස් වෙනුවෙන් අලුතෙන් පැල ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් අද (27) විල්පත්තුව අවට ගම්මානයන්හි කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.

විල්පත්තුව අවට ගම්මානයන්හි නැවත පදිංචි වැසියන් විසින් යුද්ධය හේතුවෙන් විනාශ වූ රක්ෂිත කැලෑවන් වෙනුවෙන් අලුතෙන් පැල සිටුවීමට අවශ්‍ය බවට අමාත්‍ය වරයාට දැනුම් දීමෙන් පසුව ඒ බව අමාත්‍යවරයා විසින් පරිසර සංවිධාන කිහිපයකට දැනුම් දීමෙන් පසුව අද දින මෙසේ අලුතින් පැලසිටුවීමට පියවර ගනු ලැබීය.

මේ අනුව විල්පත්තුව අවට ඇති මරිචිකට්ටි ,නාවක්කුලි , ශිලාවතුර, කරඩික්කුලි පාලක්කුලි,කොඩ්ඩච්චි, ආදි ප්‍රදේශයන්හි අද දිනයේදී මූලික පියවර වශයෙන් ප්‍රධාන මාර්ගය දෙපස පැල 3000 ක් සිටුවීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.

"යුද්දය නිසා පැය කිහිපයක් ඇතුලත මෙම ප්‍රදේශ වල ජනතාවට ඇඳිවත හැරෙන්නට සියලුම දේ අහිමි වූ පසු එම වැසියන් යුද්දය අවසන් වූ පසු නැවත පදිංචියට ඇවිත් ඉන්න මේ අවස්ථාවේදී රජයක් හැටියට උදව් කරන්න ඕන අවස්ථාව එලඹිලා තියෙන්නේ එසේ නොමැතිව ජාතිවාදී ආකල්ප ගෙන වෙනත් දිසාව සිට මෙම පළාත් විවේචනය කරනවාට වඩා මේ ජනතාවට කෙසේ උපකාර කරන්නට සියලු දෙනා එක් විය යුතු අවස්ථාවක් මේ.

මේ විදිහට අද මේ පලාත්වල පැල 3000 ක් ගමේ ජනතාවගේත් උදව් ඇතිව හිටවනවා ඉතා ඉක්මනින් පැල ලක්ෂයක් හිටවලා මේ ජනතාවටත් ආර්ථික වාසියක් ගේන එක තමයි එකම බලාපොරොත්තුව" යැයි හෙතෙම එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

- වන්නි රොමේෂ් -

No comments:

Post a Comment

Post Bottom Ad