දිඹුලාගල විශ්ව යානා නැවතුම්පලක්..? රාත‍්‍රියේ ආලෝක යානා කන්දට පහත් වෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 28, 2017

දිඹුලාගල විශ්ව යානා නැවතුම්පලක්..? රාත‍්‍රියේ ආලෝක යානා කන්දට පහත් වෙති

ඵෙතිහාසික දිඹුලාගල ආරාණ්‍ය සේනාසනය පිහිටි දිඹුලාගල කන්දට 27 වෙනිදා අළුයම 1.00ට පමණ අහසින් ආ ආලෝක ධාරා රැසක් පහත් වූ බව ප්‍රදේශයේ කුඹුරු රැකීමට ගොස් සිටි ඇසින් දුටු ගොවීහු පවසති.

විවිධ ආලෝක ධාරා විහිදුවමින් අහසින් පැමිණි එම ලා නිල් හා කහ රන් වර්ණ විහිදුවන එම එළි ජාලාව දිඹුලාගල කන්දේ පිහිටා ඇති අහස් මාලිකාව දෙසට පහත් වී එක්වරම නොපෙනී ගිය බවද එම ඇසින් දුටු ගොවීහු සඳහන් කරති.


වන අලින්ගෙන් කුඹුරු රැකීමට ගිය සහ කුඹුරු වලට මුර ජලය හැරවීමට ගිය දිඹුලාගල නවමිල්ලැහ, නාමල් පොකුණ, දළුකාන ප්‍රදේශවල ගොවීහු කිහිප දෙනෙකුම එම ආලෝක ධාරාව දැක ඇත.

“අහස් මාලිගය දෙසට පහත් වූ මෙම ආලෝක ධාරාව පිළිබඳව දිඹුලාගල මහා කාශ්‍යප පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති මාදුරුඔය විජිනාලංකාර හිමියන් පැවසුවේ මෙවන් අදහසක්.

“දිඹුලාගල කන්ද කන්දේගම කන්දත් පිටසක්වල ජීවීන්ගේ නවතැන් පොලක් කියලා ජනවහරයේ කියවෙනවා. පිටසක්වල ජීවින් පොළවට පහත් වෙද්දී රාත්‍රී කාලයේ මේ ස්ථාන දෙකටම ආලෝක විහිදුවමින් පසුගිය කාලයේ පැමිණි බව අපත් දුටුවා. ඒ ජීවීන් රැඳී සිටින බවට සලකුණු රැසක් දිඹුලාගල කන්දේ පිහිටලා තියෙනවා. 27 වෙනිදා අළුයම දිඹුලාගල අහස්මාලිගාව ප්‍රදේශයට එම එළි පහත් වූ බව ගොවීන් දැක්ක බවට අපිට දැනුම් දුන්නා. අපි මේ බව තාරකා විද්‍යාඥයින් මීට පෙරත් දැනුවත් කළා. පසුගිය කාලයේ උල්කාපාත වර්ෂාව වගේම පිටසක්වල යානා, ජීවින් පැමිණි බවට සාධක තියෙනවා. දිඹුලාගල හාමුදුරුවරුන් ඒ ආලෝකධාරා දැක තිබෙනවා.

අප මේ සිද්ධිය පිළිබඳව තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමක දී මෙසේ කීය.

“ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් පසුගිය සති කිහිපයේදී නිරීක්ෂණය වෙලා තියෙනවා පිටසක්වල යානා පිළිබඳව. දිඹුලාගලට ඒ ආලෝකය සමග එන්න ඇත්තේ පිටසක්වල යානා හා ජීවීන් කියලා ඒ අනුව විශ්වාස කරන්න පුළුවන්. ලෝකයේ අලුත් දේවල් වගේම ග්‍රහ ලෝක සොයා ගැනීම් එක්ක ඉදිරියේ දී අද්භූත අරුම පුදුම සිද්ධින් වෙන්න ඉඩකඩ වැඩියි.

දිඹුලාගල කන්දට හා අහස්මාලිගාව දෙසට එක්වරම 27 වෙනිදා අළුයම පහත් වූ එම ආලෝක ධාරාවන් දුටු ගොවීහු සඳහන් කරන්නේ අදාල පරීක්ෂකයින් ඒ පිළිබඳව සොයා බලා ඉතිහාසය ලොවට කියා දෙන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad