හෝමාගම නැනෝ උද්‍යානයට නව ඖෂධ නිෂ්පාදනාගාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 20, 2017

හෝමාගම නැනෝ උද්‍යානයට නව ඖෂධ නිෂ්පාදනාගාරයක්

හෝමාගම නැනෝ උද්‍යානයට නව ඖෂධ නිෂ්පාදනාගාරයක්

ජේ.එල්. මොරිසන්ස් සන් ඇන්ඩ් ජෝන්ස් (සිලෝන්) පීඑල්සී විසින් නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිරිකිරීම සඳහා පියවර ගෙන තිබේ.

මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 13.5 ක ආයෝජනයක් සිදුකරනු ලබන බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

හෝමාගම, පිටිපන පිහිටි SLINTEC නැනෝ තාක්ෂණ උද්‍යානයේ මෙම ඖෂධ නිෂ්පාදනාගරය ඉදිකිරීමට නියමිතය.

මෙහි වාණිජ මෙහෙයුම් කටයුතු 2019 වසරේ දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. 

එම සමාගම පවසන්නේ යෝජිත නිෂ්පාදනාගාරය තුළින් ගෝලීය නියාමන ප්‍රමිතීන්ට අනුව සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට සමාගම අදහස් කර ඇති බවයි.

ජේ.එල්. මොරිසන්ස් සන් ඇන්ඩ් ජෝන්ස් (සිලෝන්) පීඑල්සී යනු හේමාස් සමූහයට අයත් සමාගමකි.

 

No comments:

Post a Comment

Post Bottom Ad