'බිග් මැච්' තහනම් කරන්නැයි ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 20, 2017

'බිග් මැච්' තහනම් කරන්නැයි ඉල්ලීමක්

'බිග් මැච්' තහනම් කරන්නැයි ඉල්ලීමක්

ප‍්‍රධාන පෙළේ පාසල් අතර පැවැත්වෙන මහා ක‍්‍රිකට් තරඟ (බිග් මැච්) තහනම් කිරිමට වහා පියවර ගන්නැයි සිංගප්පූරුව හා ඇඹිලිපිටිය බෝධිරාජ පදනමේ අනුශාසක  ඕමල්පේ සෝභිත හිමියෝ රජයෙන් ඉල්ලති.

උන්වහන්සේ මෙම ඉල්ලිම කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති මාධ්‍ය හමුවකදී ය.

ආනන්ද සහ නාලන්දා පාසල් දෙක මේ වන විටත් මහ මඟ දී ගැටුම් ඇති කරගෙන ඇති බැවින් ඔවුන්ට මෙවර ක‍්‍රිකට් තරඟය සහයෝගයෙන් පැවැත්විය නොහැකි වනු ඇතැයිද එම ක‍්‍රිකට් තරඟය නැවැත්විය යුතු යැයි ද එය විදුහල්පතිවරුන් විසින් නොකරන්නේ නම් නීතිය මඟින් හෝ තහනම් කළ යුතු යැයි ද ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළහ. 

එහි වගකීම ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට යැයි ද උන්වහන්සේ පැවසූහ. 

 

No comments:

Post a Comment

Post Bottom Ad