නව දුම්රිය කාලසටහනක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 21, 2017

නව දුම්රිය කාලසටහනක්

නව දුම්රිය කාලසටහනක්

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සංස්කරණය කරන ලද නව වේලාවන්ට අනුව සකසන ලද දුම්රිය කාලසටහන ප්‍රකාශයට පත් කිරීම ඊයේ (20) දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

2006 වසරින් වසර 11 ට පසුව වෙනස් කරනු ලැබු වේලාවන්ට අනුව මෙම දුම්රිය කාලසටහන සකසා ඇත.

වසරින් වසර දුම්රිය ගමන්වාර වැඩිවීමත් සමගම නව දුම්රිය, සේවා සඳහා යෙදවීමත් හා දුම්රිය පළවල් ඉදිකිරීමත් හේතුවෙන් නව දුම්රිය කාලසටහනක් සැකසීමට සිදුවු බව මෙහිදී හෙළි විය. 

දැනට දෛනිකව පැය 24 පුරා දුම්රිය සේවා වාර 396 සිදු කෙරෙන අතර රේල් බස් සේවා වාර 25 ක් ක්‍රියාත්මක වේ.

දැනට ප්‍රධාන දුම්රිය මාර්ගයේ (කොළඹ-බදුල්ල) දිනකට දුම්රිය 7 ධාවනය කෙරෙන අතර මගීන් විසින් මෙම මාර්ගයේ දුම්රිය තවදුරටත් වැඩි කරන ලෙසට ඉල්ලීම් සිදු කරන බව මෙහිදී දුම්රිය සාමාන්‍යාධීකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා පැවසීය.

මෙම මුද්‍රිත දුම්රිය කාලසටහන් අද දින සිට දුම්රිය මෙහෙයුම් කටයුතුවල නියැලී සිටින නිළධාරීන්, දුම්රිය රියදුරන්, නියාමකවරුන් වෙත බෙදා හැරීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලබයි.

මෙහිදී අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව ලබන මාසයේ සිට මෙම නව කාලසටහන මහජනතාව වෙත මිලදී ගැනීමට හැකිවන පරිදි ප්‍රධාන දුම්රිය ස්ථානවල ලබාදීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධීකාරිවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad