මීගමුව නගරයේ සම්බාහන මධ්‍යස්ථානයකට ඇතුළුවී බලහත්කාරයෙන් එහි තරුණියන්ගේ සේවය ලබාගෙන කප්පම් මුදල් ද ලබාගත් බව කියන පුත්තලම පොලිස් කොට්ඨාසයේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකු මීගමුව පොලිසිය මඟින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
උප පොලිස් පරීක්ෂකවරයා කාලයක් තිස්සේ මෙම සම්බාහන මධ්‍යස්ථානයට කඩාවැදී එහි කළමනාකරුට සහ සේවිකාවන්ට තර්ජනය කර නොමිලේ සම්බාහනයත් ලබාගෙන පසුව කප්පම් මුදල් ද රැගෙන යෑම පුරුද්දක් ලෙස කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම සැකකරු සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ නොමිලේම සම්බාහනයක් ලබාගෙන පසුව කළමනාකරුගෙන් කප්පම් මුදල් සහ මත්පැන් බෝතල් ඉල්ලා තර්ජනය කර තිබෙනවා.
පසුව සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු එහි සේවකයන් පිරිසක් සමඟ එක්ව මොහු අල්ලාගෙන මීගමුව පොලිසියට භාරදී ඇති අතර ඔහු පුත්තලම කොට්ඨාසයට අනුයුක්ත දූෂණ මර්දන ඒකකයක රාජකාරී කරන බවයි වාර්තා වන්නේ.
Thursday, February 2, 2017
සම්භාහනය ‘නොමිලේ ලබමින් ’ කප්පමුත් අරන් යන අමුතු පොලිස් මහත්තයා ඇතුලට….
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment