ඉන්දීය රැඳවියන් 31ක් ආහාර වර්ජනයේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 13, 2017

ඉන්දීය රැඳවියන් 31ක් ආහාර වර්ජනයේ

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස වර්ජනය ආරම්භ කර ඇත්තේ මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් පිරිසක්.

දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙරට අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 31 දෙනෙකු අද(13) දිනයේ සිට මෙම වර්ජනය ආරම්භ කර ඇති අතර ඔවුන් තමන්ට කඩිනමින් නිදහස ලබා දෙන ලෙස ඉල්ලා සිටියි. මෙම ධීවරයින් ඉන්දියාවේ තමිල්නාඩු,තංගච්චිමඩම් හා රාමේෂ්වරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

එමෙන්ම ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තම යාත්‍රා නිදහස් කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකාවේ ඉන්දියා නියෝජ්‍ය තානාපති හා යාපනය බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් ලබා දී ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad