නාකි විසේ වැඩිවෙලා ලේලිය සමඟ පවුල් කන්න ගිය පුද්ගලයෙක්ට වෙච්ච නස්පැත්තියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 13, 2017

නාකි විසේ වැඩිවෙලා ලේලිය සමඟ පවුල් කන්න ගිය පුද්ගලයෙක්ට වෙච්ච නස්පැත්තියක්

නාකි විසේ ඉහට ගැහුවම දුව, ලේලිය පවා අඹු කමට ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් ගැන අපිට නිතර අහන්න දකින්න ලැබෙනවා. ඒත් වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔවුන්ට විවිධ කරදර වලටත් මුහුණ දෙන්න වෙනවා. රත්නපුර ඕපනායක ප්‍රදේශයේ හැටපස් හැවිරිදි පුද්ගලයෙක් තම බිරියගේ මරණයෙන් පසු ලේලිය අඹුකමට තබාගෙන.

ඒත් වැඩි කලක් පවුල් කන්න වෙලා නෑ. මීට සති දෙකකට පෙර එම පුද්ගලයාගේ කුණුවී ගිය සිරුර නිවිතිගල පොලිස් වසමේ පාළු නිවසක දී හමුවී තිබෙනවා. දවස් කිහිපයක් තිස්සේ එම නිවස තුළින් කුණු ගඳක් වහනය වූ නිසා ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසු පරීක්ෂා කිරීමේ දී කුණු වී ගිය සිරුර හමු වී තිබෙනවා. මියගිය තැනැත්තා බිරිය වශයෙන් තබාගත් ලේලිය විසින් පැමිණි ඇඳුම් පරීක්ෂා කර පුද්ගලයා හඳුනාගෙන ඇත.

මෙම නිවස මියගිය තැනැත්තාගේ පුතාට අයිති එකක් වන අතර ඔහු පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිළධාරියෙකු ලෙස සේවය කරන බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.. මෙය මිනීමැරුමක්ද, සියදිවි හානි කර ගැනීමක් ද යන්න තවමත් අනාවරණය කරගෙන නැත. නිවිතිගත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

No comments:

Post a Comment

Post Bottom Ad