පර්සෝනා ලංකාවේ මුල්ම ඔන්ලයින් පොත් දොරට වැඩුම 25දා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 23, 2017

පර්සෝනා ලංකාවේ මුල්ම ඔන්ලයින් පොත් දොරට වැඩුම 25දා


ජීවිතය වෙනස් කරන කතා, තරගයේ වීරයා, මහ මොළකාරයෝ වැනි පුද්ගල සංවර්ධන කෘති රචනා කළ කැලූම් වැලිගම නිර්මාණය කළ ”පර්සෝනා” නවකතාව පෙබරවාරි 25 වැනිදා එළිදක්වන්නට නියමිතව ඇත්තේ සාම්ප‍්‍රදායික පොත් එළිදැක්වීමේ රටාවෙන් බැහැරව අන්තර්ජාලය තුළ සිදුවෙන ප‍්‍රථම ශ‍්‍රී ලාංකේය ඔන්ලයින් පොත් එළිදැක්වීමක් ලෙසිනි.
 ලොව පුරා  ඕනෑම තැනක සිටින පොත් කියවන්නට කැමති ශ‍්‍රී ලාංකිකයන්ට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පර්සෝනා පොත එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි විය හැකිය. ඒ සඳහා කළ යුතු වන්නේ පෙබරවාරි 25 වැනිදා  ඕනෑම වෙලාවක www.gotit.lk (www.gotit.lk/Persona) වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් පොත් එළිදැක්වීමට සහභාගි වීමයි.

වෛවර්ණ විලාසිතා ලෝකය සහ තරගකාරී ව්‍යාපාර ලෝකය පසුබිම කර ගෙන බලය, රාගය සහ ආලයට මිනිසා දක්වන අසීමිත ආශාව ඔස්සේ ගෙතී ඇති පර්සෝනා නවකතාව එළිදැක්වීමට සමගාමීව තරු රවී නිර්මාණය කළ, සංඛ දිනෙත් ගායනා කරන ”පර්සෝනා” තේමා ගීත වීඩියෝවද එදින එළිදක්වන අතර නව පරපුරේ නිර්මාණකරුවෙක් වන ඩොමිනික් චන්ද්‍රසාලිගේ ඔන්ලයින් සිතුවම් දැක්ම සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයන්ගේ සහභාගිත්වයෙන් හරවත් සංවාදයක්ද සයිබර් පොත් එළිදැක්වීමේදී පැවැත්වේ.
ඒ ගැන වැඩි විස්තර දැක්වෙන වීඩියෝ පහතින්



No comments:

Post a Comment

Post Bottom Ad