හාල් හිඟයෙන් ඇමරිකන් පිටි, ඉන්ධන ඉල්ලුම ඉහළට.. අපනයන පහළට.. ඩොලරය රුපියල් 162 දක්වා පිම්මේ ඉහලට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 22, 2017

හාල් හිඟයෙන් ඇමරිකන් පිටි, ඉන්ධන ඉල්ලුම ඉහළට.. අපනයන පහළට.. ඩොලරය රුපියල් 162 දක්වා පිම්මේ ඉහලට..

ඉදිරියේදී එන අවුරුදු සමයත් සමග ඇමරිකානු ඩොලර්යේ අගය රුපියල් 162 දක්වා ඉහළ යන බව ආර්ථික විශේෂඥන්ගේ මතයයි.

මෙයට ප්‍රධාන හේතුව රජය විසින් ඉහළ යන ඩොලරයේ අගය රදවාගැනිමට මහා බැංකුව සතු සංචිත මුදාහැරීම නිසා විදෙස් සංචිත විශාල වශයෙන් පහත වැටීමයි. විශාල මුදල් ප්‍රමාණයක් එනම් ඇ.ඩොලර් මිලියන 5 ක් පමණ දිනකට ඩොලරයේ අගය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා රජය විසින් දිනපතා වෙළෙඳපොළට නිකුත් කරනු ලබයි.

එමෙන්ම මේ වනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මේ සම්බන්ධව රජයට අනතුරු අගවා ඇත්තේ වහාම ඩොලරය පා කර හැර එයට අනුරූපව රුපියලේ අගය පවත්වා ගෙන යා යුතු බවටයි. මේ වනවිට රටට ආනයනය කරන තෙල් සඳහා ඉල්ලුම වැඩි වී ඇති අතර ඒ සඳහා වියදම් කරන විදේශ විනිමය මෙන්ම දිවයිනේ පවතින හාල් හිඟය නිසා ඇමරිකන් පිටි පරිභෝජනය ද 50% කින් පමණ වැඩි වී ඇත. 


ඒ සඳහා ද විශාල විදේශ විනිමයක් පිටරටට ඇදි යෑමෙන් රටතුල පවතින ඩොලර්වල ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති. මේ හේතුවෙන් ඉදිරියේදී ඉතිහාසයේ කිසිදා නොවු විරු අන්දමට ඩොලරයේ අගය වැඩි වී රුපියල අවප්‍රමාණය විමේ අවකාශය පුලුල් වී ඇති බැව් ආර්ථික විශේෂඥන්ගේ මතයයි.

No comments:

Post a Comment

Post Bottom Ad