ජ’පුර හෙද විදුහල අලුත් වැඩකට - සිසුන් ගැනීම නවතන ලෙස රාජිතගෙන් නියෝගයක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 1, 2017

ජ’පුර හෙද විදුහල අලුත් වැඩකට - සිසුන් ගැනීම නවතන ලෙස රාජිතගෙන් නියෝගයක් 

ජ’පුර හෙද විදුහල අලුත් වැඩකට - සිසුන් ගැනීම නවතන ලෙස රාජිතගෙන් නියෝගයක් 
ශ්‍රී ජයවර්ධනපුර රෝහ‍ලේ හෙද විදුහලට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

ඇමැතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ජයවර්ධනපුර හෙදවිදුහල් ගොඩනැගිල්ල හා භූමිය භාවිත කරමින් හෙද පීඨය ආරම්භ කිරීම සඳහා බව වාර්තා වේ. ඒ අනුව මෙම පාඨමාලාව වසර 4ක් පුරා පැවැත්වෙන අතර ඒ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමග අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කිරීමට නියමිතය.

මින් ඉදිරියට රජයේ රෝහල්වල සේවය සඳහා හෙද උපාධිධාරීන් යොමුකිරීමට සැලසුම් කර ඇත. ජයවර්ධනපුර රෝහල් භූමිය තුළ මහල් 17කින් සමන්විත නව හෙද පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතය. පළමු කණ්ඩායමට සිසුන් 100 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

ජයවර්ධනපුර රෝහලට අවශ්‍ය හෙද හෙදියන් වෙනත් ස්ථානයක පුහුණු කර ලබාදීමට ඇමැතිවරයා තීරණය කර ඇති අතර පිරිමි හෙද නිලධාරීන් බඳවා ගැනීමේ ප්‍රතිශතය වැඩිකිරීම කෙරෙහිද ඇමැතිවරයා අවධානය යොමු වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad