ජගත් නිවාස 30 වන සංවත්සර සැමරුම වෙනුවෙන් සැමට සෙවණ ජාතික නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අද (01) සිට ආරම්භ කෙරෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ දිවයින පුරා ගම්මාන 21ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ, කළුතර, අම්පාර, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය කුරුණෑගල, පුත්තලම, ගාල්ල, මුලතිව්, අනුරාධපුර, පොලොන්නරුව සහ මොණරාගල යන දිස්ත්රිකක්යන්හි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 21ක මෙම ගම්මාන ඉදිකිරීම ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
මෙම ගම්මාන තුළ පමණක් ඉදිවන සමස්ත නිවාස ප්‍රමාණය 685ක වන අතර එලෙස ඉදිවන සෑම නිවාස ව්‍යාපෘතියකම අවම වශයෙන් නිවාස 25ක් ඉදිවීමට නියමිතයි.
මෙම ගම්මාන තුළ පමණක් ඉදිවන සමස්ත නිවාස ප්‍රමාණය 685ක වන අතර එලෙස ඉදිවන සෑම නිවාස ව්‍යාපෘතියකම අවම වශයෙන් නිවාස 25ක් ඉදිවීමට නියමිතයි.
No comments:
Post a Comment