සීමා නිර්ණය වාර්තාව ෆයිසර් ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 2, 2017

සීමා නිර්ණය වාර්තාව ෆයිසර් ප්‍රතික්ෂේප කරයි

සීමා නිර්ණය වාර්තාව ෆයිසර් ප්‍රතික්ෂේප කරයි
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අදාළ කමිටුව සඳහා පත් කළ හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් සහ එක්සත් ජාතික පක්ෂයෙන් පත් කළ ජ්‍යෙෂ්ඨ නීතීඥ එස්.මිස්බා යන අය අදාළ සීමා නිර්ණය අවසන් වාර්තාවට අත්සන් තබා නොමැතිවීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කරන බව ඒ මහතා පවසයි.

සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාව තමන්ට නොලැබීම හේතුවෙන් ඊට අත්සන් තැබීමට නොහැකි වූ බව එම කමිටු සාමාජිකයින් දෙදෙනා ප්‍රකාශ කර ඇත. එමෙන්ම අදාළ වාර්තාව කියවා බැලීමකින් තොරව අත්සන් තැබිය නොහැකි බව එහිදී ඔවුන් පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කමිටුවට පත් කළ නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් කමිටුවට පත් කළ මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයි මහතා මේ වන විට අදාළ සීමා නිර්ණය අවසන් වාර්තාවට අත්සන් තබා තිබේ.

කෙසේ වුවද තමන් ඇතුළුව කමිටුවේ බහුතර සාමාජිකයන් පිරිසක් වාර්තාවට අත්සන් තබා ඇති බැවින් එහි වලංගුභාවය පිළිබඳ ගැටළු මතු නොවන බව කමිටු සභාපති අශෝක පිරිස් මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad