යාපනයේ සිට ඩෙල්ෆ් දක්වා අධිවේගී බෝට්ටු සේවාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 23, 2017

යාපනයේ සිට ඩෙල්ෆ් දක්වා අධිවේගී බෝට්ටු සේවාවක්

යාපනයේ සිට ඩෙල්ෆ් දක්වා අධිවේගී බෝට්ටු සේවාවක්
යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා "නෙඩුන්තාරකෙයි" නමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් වේගවත් නව මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් මේවන විට ආරම්භකර තිබේ.
රුපියල් මිලියන 150 ක මුදලකින් ආරම්භ වූ මගී ප්‍රවාහන බෝට්ටු සේවාවට රුපියල් මිලියන 30 ක් ලෝක බැංකුවෙන්ද ඉතිරි මිලියන 120 ඕස්ට්‍රේලියානු රජයෙන්ද ලබාදී ඇත.

මේ දක්වාම යාපනයේ වැසියන්ට ඩෙල්ෆ් දූපත දක්වා ගමන් කිරීමට සෘජු බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක නොවූ අතර පෞද්ගලික සාමාන්‍ය බෝට්ටුවකට නාගදීපය හරහා ඩෙල්ෆ් දූපත වෙත ගමන් කිරීමට පැය හතරක කාලයක් ගත විණි.

එවැනි බොට්ටු සේවාවක් මගින් දිනපතාම යාපනයේ සිට ඩෙල්ෆ් දූපත දක්වා රජයේ සේවකයින් විශාල පිරිසක් ගමන් කළ අතර ඔවුන් සිය සේවා ස්ථානය වෙත ළගාවන විට පෙරවරු දහය පසුවන බවද වාර්තා වෙයි. මුහුදු සැතපුම් අටක් වූ මේ ගමන සදහා අළුතින් යොදවා ඇති සුඛෝපභෝගී හා අධිවේගී මගී ප්‍රවාහන බෝට්ටුවට ගත වන්නේ පැය දෙකක පමණ කාලයකි.

නව මගී ප්‍රවාහන සේවාව සදහා යොදවන ලද බෝට්ටුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සියළු පහසුකම් සහිතව නිෂ්පාදනය කොට ඇති බැවින් ශ්‍රී ලාංකික ජනතාවට ඉතා ආරක්ෂාකාරී බෝට්ටු ගමනක නිරත විය හැකි බව මේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචෙස්සන් සදහන් කළේය.

වරකට 80 ත් 100ත් අතර මගීන් පිරිසකට ඉතා සාධාරණ මුදලකට ඩෙල්ෆ් දුපත දක්වා ගමන් කිරීමට ආරක්ෂිත නව බෝට්ටු සේවාවක් ලබාදීමට හැකිවීම උතුරු පළාත් සභාව ලද ජයග්‍රගණයක් වශයෙන් එම අවස්ථාවට සහභාගී වූ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් විසින් කියා සිටියේය.

ඩෙල්ෆ් පමණක් නොව යාපනයේ නාගදීපය,අනලතිව්,එළුවතීව් යන දූපත් වල වෙසෙන ජනතාවට ඉතා හදිසි අවස්ථාවලදී මෙම බොට්ටු සේවාවෙන් ප්‍රයෝජන ලබාගැනීමට හැකියාව ලැබීම ඉතා වැදගත් බව වනිතා කටයුතු පිළිබද රාජ්‍ය ඇමතිනී විජය කළා මහේස්වරන් මෙහිදී කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad