මේ යන්නෙ යහපාලනේ අන්තිම හරිය - යහපාලන මහ ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 22, 2017

මේ යන්නෙ යහපාලනේ අන්තිම හරිය - යහපාලන මහ ඇමති

පසුගියදා කටුනායක ෆුල්මූන් ගාඩ්න් හෝටලයේ පැවැති බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක දයාරත්න මහතාගේ දියණිය වන දිලිණිගේ විවාහ මංගල්‍යට පැමිණි මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කී කතාවකට ඇඹරි ඇඹරි සිටි බව වාර්තා වේ.

එම විවාහ මංගල්‍යට පැමිණි ඉසුර දුටුගම්න් මහින්ද “ ආ යහ පාලන ඇමතිතුමා එන්න එන්න…යනුවෙන් කියමින් කතාකර තිබේ.

ඇඹරි ඇඹරි මහින්ද ළඟට ආ මහ ඇමතිවරයා “ අනේ සර් ඕක නම් මට කියන්න එපා. මම ශ්‍රී ලංකා කාරයනෙ..“ යනුවෙන් පවසා තිබේ.

මේ කතාවට හවුල් වූ ප්‍රසන්න “ දැන් සර් මෙයා මහ ඇමතිට අමතරව දෛව්‍යඥයන්ගෙ වැඩත් කරනවනෙ..යනුවෙන් පවසා ඇත.

“ ඔව් සර් මම ඉතිං කලින්ම කිව්වනෙ මේ මගුල හරියන්නෙ නෑ කියල..යනුවෙන් ඉසුරද ඊට පිළිතුරු දී තිබේ.

අශෝක දයාරත්න මහතාටද මඟුලේ කතාව ඇසී මොකද්ද ඉසුර මේ මඟුල කිව්වේ යනුවෙන් කලබලයෙන් කතාවට හවුල්ව ඇත.

“ නෑ නෑ මන්ත්‍රීතුමා කලබල වෙන්න එපා මේ කියන්නේ ආණ්ඩුවේ මඟුල ගැන..“ යැයි ආන්නද හරිස්චන්ද්‍ර මන්තීවරයා දයාරත්න මන්ත්‍රීවරයාගේ පිටට තට්ටුවක් දමමින් පවසා තිබේ.

“ මම කිව්වනෙ මේක කරගෙන යන්න බැහැ කියල. මේ දෙගෙල්ලලොට මෙහෙම එකට යන්න බැහැ කියල..මේ යන්නෙ අන්තිම හරියෙ යැයිද ඉසුර කියා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad