රත්නසිරිගේ නිල නිවස සම්බන්දන්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

රත්නසිරිගේ නිල නිවස සම්බන්දන්ට

රත්නසිරිගේ නිල නිවස සම්බන්දන්ට
හිටපු අග්‍රාමාත්‍ය දිවංගත රත්නසිරි වික්‍රමනායක මහතාට පිරිනමා තිබූ රජයේ නිල නිවාසය දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්බන්දන් මහතා වෙත පිරිනැමීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කටයුතු කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ මැදිහත්වීම මත රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් මෙම නිල නිවස සම්බන්දන් මහතා වෙත ලබා දී ඇත.

සම්බන්දන් මහතාට නිල නිවසක් ලැබුණේ ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරයට පත්වී වසර එකහමාරකට පමණ පසුවයි. ඔහුට නිල නිවසක් ලබා දී නැතැයි මාධ්‍ය කිහිපයක් පසුගිය කාලයේ අනාවරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad