ඉන්දියාවෙන් 6000ට ගෙන්වා මෙරටදී 25000ට විකුණනයි.. දොස්තරලාට බර කොමිස්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

ඉන්දියාවෙන් 6000ට ගෙන්වා මෙරටදී 25000ට විකුණනයි.. දොස්තරලාට බර කොමිස්..

කොළඹ පිහිටි ශ්‍රී ලංකා අක්ෂි බැංකුව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා නිරීක්ෂණය කරන ලදි.

සිංගප්පුරුව විසින් 2011 වර්ෂයේ ජනවාරි මස ආරම්භ කර ඇති මෙම අක්ෂි බැංකුෙවි සේවාවන් මහනුවර මහ රෝහල සහ කුරුණෑගල මහ රෝහලට ව්‍යාප්ත කර ඇත. 2011 වසරේ සිට 2016 දක්වා මිය ගිය පුද්ගලයින්ගේ අක්ෂි 6670 ක් ලබාගෙන ඇත. මෙම අක්ෂි බැංකුව සංවර්ධනය කිරිම පිළිබදව මෙහිදී අවධානය යොමු කෙරිනි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අක්ෂි කාච අඩු මිලකට ලබාදීමෙි වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන බවයි. “අක්ෂි කාච ජාවාරමක් සිදුවන බව අනාවරණ වී තිඛෙනවා. ඉන්දියාවෙන් රුපියල් 6000 කට ආනයනය කරන අක්ෂි කාච දේශිය වෙළෙදපොලේ අලෙවි කරන්නේ රුපියල් 25000 කටයි. ඇතැම් සමාගම් ආනයනය කරන අක්ෂි කාච නිර්දේශ කරන වෛද්‍යවරුන්ට එම සමාගම් වලින් මුදල් ලැබීමෙි ජාවාරමක් ද ක්‍රියාත්මක බව ද තොරතුරු ලැබී තිඛෙනවා.’

මෙි අතර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති ඩි.සී රණසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග සාකචිඡා පවත්වන ලදි. වසර 50 ක කාලයක සිට සම්පුර්ණයෙන්ම නොමිලේ ශ්‍රී ලංකාවාසීන්ට අක්ෂි සහ පටක ලබාදෙන අක්ෂිදාන සංගමයට සෞඛ්‍ය දෙපාර්තමෙින්තුව විසින් මෙතෙක් ලබාදුන් මුදල රුපියල් ලක්ෂ 02 කි. 


එය රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට උපදෙස් ලබාදෙන ලදි. සියළුම රජයේ රෝහල්වලට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සදහා අක්ෂි සහ පටක ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස චක්‍රලේඛයක් මගින් සියළුම රෝහල් අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමට මෙහිදී තීරණය කෙරුනි.

– නිපුන් ඒකනායක

No comments:

Post a Comment

Post Bottom Ad