නීතිය හොදටම නමලා.. උසාවියට දාන්නත් කලින් විමල්ගේ බී වාර්තාව චම්පිකගේ වෙබ් අඩවියේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 13, 2017

නීතිය හොදටම නමලා.. උසාවියට දාන්නත් කලින් විමල්ගේ බී වාර්තාව චම්පිකගේ වෙබ් අඩවියේ..

පසුගියදා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පෙර ඔහුට අදාල බී වාර්තාව ඇමති චම්පික රණවකගේ ආධාර ලබන වෙබ් අඩවියක පල වී තිබූ බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා කියා සිටියේ වාහන අවභාවිත චෝදනාවක් වීරවංශ මන්ත‍්‍රීවරයාට එල්ල වී නැති බවත් ඊට අනුබල දුන්නේ යයි චෝදනා එල්ල කර ඇත්තේ ඉංජිනේරු සංස්තා හිටපු සභාපති වත්මන් ඒාප මන්ත‍්‍රී ආශු මාරසිංහගේ කට උත්තරයක් මත පමනක් බවත්ය.

කෙසේ වෙතත් සංස්තාවේ සාමාන්‍යාධිකාරීවරයා තමන් කටයුතු කලේ සභාපතිවරයාගේ ලිඛිත උපදෙස් මත බව යයි පැහැදිලි ප‍්‍රකාශයක් දී තිබියදී එජාප මන්ත‍්‍රීවරයෙක් වන ඔහු දේශපාලන බලය හේතුවෙන් අත්අඩංගුවට ගෙන නැතැයිද සදහන් කලේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad