සාධාරන ප‍්‍රධානියාට පංචස්කන්ධයම පිනායන රස පුදා, කට වසා තරු හෝලටයක නිවාස අඩස්සියේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 16, 2017

සාධාරන ප‍්‍රධානියාට පංචස්කන්ධයම පිනායන රස පුදා, කට වසා තරු හෝලටයක නිවාස අඩස්සියේ..

පසුගිය කාලයේදී නිතර නිතරම ආණ්ඩුව විවේචනය කරමින් රජයේ ප්‍රධානින්ට අපහාසාත්මක වන අන්දමේ නිවේදන නිකුත් කල සාධාරණ ව්‍යාපාරයක ප්‍රබලයකු රජයේ ඉහළම ආශිර්වාදය මත නිල නොවන නිවාස අඩස්සියේ තත්වයකට පත් කොට ඇතැයි වාර්තා වෙයි.

කොළඹ සුපිරිම කෝටිපතියන් පදිංචිව සිටින අති සුඛෝපභෝගි මහල් නිවාසයක් පදිංචි වී සිටින පසුගිය රජය පෙරලීමට දායකත්වය දුන් වර්තමාන රජයේ ආයතනයක සභාපතිවරයා මෙම කටයුත්ත බාරව සිටී.

මේ වනවිට මෙම උගතාගේ මනදොළ පමණක් නොව සියලු පංචස්කන්දයම පිනා යන ආකාරයෙන් මෙන්ම අවශ්‍ය කෑම් බීම් යනාදිය නිරතුරුව ලබා දෙමින් මොහුගේ කට වසා තැබීමෙන් රජයට හෝ එහි ඉහළම බලවතා අපහසුතාවට පත් කිරීම සඳහා කරන ප්‍රකාශ මේ අනුව නැවති ඇතැයිද වාර්තා වෙයි.

මෙවැනි අවස්ථාවක විධායක ජනාධිපති ධූරය වහාම අහෝසි කීරිමේ වැදගත් කාරණා පසෙක තබා අධිකරණය හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉලක්ක කොට ප්‍රහාර එල්ල කර මූලික පොරොන්දු ජනතාවගෙන් ඈත් කර තැබිමට මෙම සිවිල් සමාජ ක්‍රියාකරුවා මුදල් යොදා ඉහත කී සභාපතිවරයා විසින් කටයුතු කරගෙන යමින් සිටී.

අපවත්වී වාදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේද මූලික අරමුණ වූ 1978 ජේ ආර් ජයවර්ධන විසින් හදුන්වා දුන් විධායක ජනාධිපති ධූරය වහාම අහෝසි කොට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි.

මේ සඳහා පොරොන්දු වූ පාර්ශ්වයන් විසින් අවුරුදු 2 ක් ගතවී ඇතත් ඒ සම්බන්ධව රජයේ කිසිදු ධානාත්මක පියවරක් ගෙන නොමැති බව ඒ වෙනුවෙන් කැප වූ සංවිධාන 47 ක් කරුණු විමසන මෙම අවස්ථාවක මොහුගේ නිහැඩියාව සම්බන්ධව ඇතැම් පාර්ශවයන් මවිතයට පත් ව ඇත.

එමෙන්ම ජයග්‍රහණයෙන් පසුව ආණ්ඩුවට එකතු වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇමතිකම් ගත් පිරිස් දිගින් දිගටම අහෝසි කරනවා කියා ජනතාවට පොරොන්දු වූ විධායක ජනාධිපති ධූරය තව දුරට පවත්වාගෙන යෑම පමණක් නොව ඒ සඳහා 2019 දි තරග කිරීමට ද සූදානම් වෙමින් සිටීම ද ජනතාව මෙන්ම ඒ සඳහා කැප වී ක්‍රියා කල කණ්ඩායම කලකිරීමට පත් ව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad