බැඳුම්කර ගනුදෙනුව ගැන හොයන්න ජනපතිගෙන් විශේෂ කොමිසමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 23, 2017

බැඳුම්කර ගනුදෙනුව ගැන හොයන්න ජනපතිගෙන් විශේෂ කොමිසමක්


මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර
තිබෙන බව අද නිකුත් කළ ට්විටර්

පණිවිඩයකින් ප්‍රකාශ කර ඇත.

මේ සතිය ඇතුළත එම කොමිසම පත්කරන බවත් බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනයට හා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කීරීම සඳහා එම කොමිසම පත්කෙරෙනු ඇති බවත් දන්වා ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි දින කීපය තුළදී තීරණාත්මක ප්‍රකාශයක්‌ ජනතාව හමුවේ තබන බව  සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පෙරේදා (21 දා) කළුතරදී පැවසීමෙන් පසු මෙම නියෝගය නිකුත්ව තිබේ. මේ අතර බැඳුම්කර සිද්දිය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ වාර්තාව ප්‍රකාර විවාදය හෙට 24 පාර්ලිමේන්තුවේදී දවස පුරා පවත්වන්නට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad