ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් ලෙස ඉදිරිපත් කර ඇති තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් වලට මෙම මස 6 වැනිදාට පෙර පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබාදීමට රජය කටයුතු නොකළහොත් රට පුරා සියලු තැපැල් කාර්යාල වසා දමා නැවත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා පවසයි.
තැපැල් සේවකයන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා රජයට දින 14 ක කාලයක් ලබා දුන් බවත් එම කාලය මෙම මස 6 වැනිදායින් අවසන් වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
21,000 ක් පමණ වන තැපැල් සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා රජය මෙතෙක් ඵලදායී පියවරක් ගෙන නැති බවත් එම නිසා මෙම මස 7 වැනිදාට තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සාමාජිකයන් රැස් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් පිළිබඳව තීරණයක් ගන්නා බවත් බණ්‌ඩාර මහතා පැවසීය.

No comments:
Post a Comment