ජනපතිත් අන්දලා.. අක්කර 15,000ක් හම්බන්තොටින් දෙන බව ස්ථිරයි.. මෙන්න ලිඛිත සාක්‍ෂි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 11, 2017

ජනපතිත් අන්දලා.. අක්කර 15,000ක් හම්බන්තොටින් දෙන බව ස්ථිරයි.. මෙන්න ලිඛිත සාක්‍ෂි..

ආන්ඩුවේ මැති ඇමතිවරුන් කුමක් කියූවද හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් පමණක් අක්කර 15000ක් විදෙස් සමාගම් වෙත ලබා දීමට ආණ්ඩුව එකග වී ඇති බවට සාක්‍ෂි තමන් සතුව ඇති බව පාර්ලමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය සහිතව අගමැති ලේකම්වරයා විසින් අත්සන් කර ඇති  ලිඛිත සාක්‍ෂිද මන්ත‍්‍රීවරයා විසින් ඊයේ දෙරණ වාදපිටියේදී ඉදිරිපත් කල අතර එම ප‍්‍රබල තර්කය බිද හෙලීමට එජාපය වෙනුවෙන් සහභාගී වූ මන්ත‍්‍රීන් දෙදෙනාටම හැකි වූයේ නම් නැත.

ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ හම්බන්තොටින් අක්කර 15000ක් ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් එවන් සාකච්චාවක්ද සිදුව නැති බවයි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද ඊට සමාන්තර ප‍්‍රකාශයන් විටින් විට අවස්ථා ගණනාවකදීම කරනු ලැබූහ.

අදාල වීඩියෝව මෙතනින්









No comments:

Post a Comment

Post Bottom Ad