'පොහොට්ටුව ගැන අහන්න ඕන පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්' - තලතා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

'පොහොට්ටුව ගැන අහන්න ඕන පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්' - තලතා (VIDEO)

අලුතින් ආරම්භ කර තිබෙන පක්ෂය පිළිබඳව තමන් නොදන්නා බවත් එම පොහොට්ටුව ගැන අහන්න ඕනෑ පොහොට්ටුව අතගාපු කෙනෙක්ගෙන්ම බවත් විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය පසුගියදා ගලේවෙලදී මාධ්යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් පැවසුවාය.

එහිදී මාධ්‍යවේදියෙකු ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට මෑතකදී බිහිකරගත් නව පක්ෂය සම්බන්ධයෙන් අමාත්‍යවරයගේ අදහස් විමසා සිටියාය. 

මෙම අවස්ථාවේ තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ වර්තමාන ආණ්ඩුව රැකියා ලබාදෙන විට, උසස්වීම් දෙනවිට පක්ෂ බේද නොබලා ඉතාම සාධාරණව ඒවා සිදු කරන බවත් ගහ මරා ගත් දේශපාලන සස්කෘතිය අවසන් කොට අලුත් ගමනකට රට යොමු කර තිබෙන බවත්ය.

මේ නව ක්‍රමයට සියලුදෙනා එකතුවී රට සංවර්ධනය කලයුතු බවද එයට සහය ලබා නොදෙන සියලු දෙනා බලය ලබා ගැනීමට, සොරකමට කැමති පිරිස බවද එවැනි අය පොහොට්ටුවෙන් බැරිනම් කෙක්කෙන් හෝ බලය ලබා ගැනීමට උත්සාහ කරන බවද ඇය කියාසිටියාය.

වීඩියෝව පහතින්....


දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

No comments:

Post a Comment

Post Bottom Ad