නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරට මීට පැය දෙක හමාරකට පමණ පෙර 2017 නව වසර උදා වුණා. ඒ, ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4:30 ටයි.
ලොව පුරා වේලා සැකැස්ම අනුව නව වසර මුලින්ම උදාවන නගරය වන්නේ ද නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරයි. උදා වූ 2017 නව වසර පිළිගැනීම සඳහා එහි විවිධ සැමරුම් සංවිධාන කර තිබුණා.
අඩි 1080 ක් උස ස්කයි ගොඩනැගිල්ලේ ඉහළම මහලේ සිට මල්වෙඩි සංදර්ශනයක් ද සිදු කෙරුණු බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ. මේ අතර නව වසර උදාවීමේ දී ලොව පුරා ඔර්ලෝසුවල වෙලා තත්පරයක් ආපසු කරකැවිය යුතුයි.
ඒ අනුව 2016 වසරේ කාලයක් තත්පරයක් වැඩිවන අතර 2017 වසරේ කාලය තත්පරයක් අඩු වනවා. මෙම වෙනස සිදු කෙරෙන්නේ පෘථිවියේ භ‍්‍රමණය ක‍්‍රමයෙන් මන්දගාමී වීමට සමගාමීව වේලාව නිවැරදි කිරීම සඳහායි.
Saturday, December 31, 2016
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරට නව වසර උදාවෙයි (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment